
පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
ඊයේ (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බව වාර්තා වේ.
දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර තිබේ.
$ads={2}
මේ අතර දෙමළ ඇතුළු භාෂා ත්‍රිත්වයක් කතා කළ හැකි අයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරම් මහතා පැවසුවේය.
ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කල්දැමීමට ව්‍යවස්ථාවෙන් හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය.
Tags:
News