මෙච්චර වටිනාකමකින් යුතු නිවසක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සතුව තිබෙනවා කියලා ඔබ හිතුවද ?


ක්‍රීඩකයින් කියන්නේ විශාල මුදලක් වැටුපක් ලෙස ලබන පිරිසක්නේ.

ඉතින් ගොඩාක්ම ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙවන්නේ ඉතාමත් සුඛෝපභෝගී දිවියක්.

මේ කියන්න යන්නේ ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විශාලතම සහ වටිනාම නිවස තිබෙන ක්‍රීඩකයා ගැනයි.

ඔහු තමයි මහේන්ද්‍ර සිං දෝණි.

ඔහු නිවස පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ රංචි හියි.

අක්කර 7 කින් යුතු ගොවිපලක පිහිටා ඇති මේ නිවස ඉන්දීය රුපියල් කෝටි 100ක්ට වැඩියෙන් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
$ads={2}
අලංකාර භූමි අලංකරණය සඳහා ඕනෑ තරම් ඉඩකඩ ඇති විශාල ප්‍රදේශයට අමතරව, ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, උද්‍යානයක් සහ විවිධ ක්‍රීඩා සඳහා ගෘහස්ථ අවකාශයන් කිහිපයකින් සමන්විත වී ඇති මෙම නිවසේ විවිධ වර්ගවල ගෘහස්ථ මල් පිපෙන ශාක ඇති බැවින් හරිත තේමාව නිවසේ අභ්‍යන්තරයේද දැක ගත හැකි බවට සඳහන් වෙනවා.

තවද, නිවසෙහි විචිත්‍රවත් ලී සහ කිරිගරුඬ තට්ටුවක් සහ ස්මාර්ට් ගෘහභාණ්ඩවලින් සමන්විත වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

මේ සියල්ලට අමතරව, අක්කර 7 ක ඉඩමෙහි සියලු මිල අධික මෝටර් රථ, බයිසිකල් සහ අනෙකුත් පුරාවස්තු ඇති විශිෂ්ට ප්‍රදර්ශනාගාරයක් ද ඇති බව කියැවෙනවා.

මන්දිරයේ ඇස්තමේන්තුගත මිල නොදන්නා නමුත්, මුළු වාසස්ථානය රුපියල් කෝටි 100 කට වඩා වැඩි විය හැකි බවට අනුමාන කෙරෙනවා.

Post a Comment

Previous Post Next Post