කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත මරණයක් සිදු වී තිබෙනවා.
එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීයෙකු මිය ගොස් ඇති අතර මරණය සම්බන්ධයෙන් මතු වූ සැකයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති බව සඳහන්.
එහි දී මරණකරුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇති අතර මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
කොවිඩ් වසංගත තත්ත්වය නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතු බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ.
Tags:
News
