අප්‍රේල් මස 13 වනදා මත්පැන්හල් විවෘතව තබන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 12 සහ 13 යන දිනවල මත්පැන්හල් වසා තැබෙන බවයි.
කෙසේ වෙතත් සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා එය අදාළ වන්නේ නැහැ.
ඊට පටහැනිව කටයුතු කරන අයට විරුද්ධව දැඩි පියවර ගන්න බවයි, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව සුපුරුදු පරිදි අප්‍රේල් මස 14වනදා උදෑසන 8.00ට දිවයින පුරා ඇති මත්පැන්හල් විවෘත කෙරෙනු ඇති.
Tags:
News
