හෙට පාසල් සියල්ලම වැසෙයි ද?


ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කර සිටියේ රජය අත්තනෝමතික පිළිවෙතක් අනුගමනය කරමින් ඇතැම් නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවූවද ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීම සදහා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

ජීවන වියදම් ඉහළ යෑම වෙනුවෙන් දීමනා ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන අඟහරුවාදා (02) දින දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

Post a Comment

Previous Post Next Post