භාණ්ඩ රැසක මිල අද සිට තවදුරටත් පහළ දමයි


උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 650ක්ව පැවති ලොකු ළුෑණු කිලෝවක මිල රුපියල් 100 කින් අඩුකර ඇති අතර, රතු කව්පි රුපියල් 52කින් සහ සුදු කව්පි කිලෝග්‍රෑමයක් රුපියල් 50 කින් අඩුකර තිබෙනවා.
$ads={2}
රුපියල් 670 ක්ව පැවති බාස්මති සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 20කින් අඩුකර ඇති අතර, රතු ළුෑණු කිලෝග්‍රෑමයක් අඩුකර ඇත්තේ රුපියල් 10කින්.

මීට අමතරව සුදු සීනි, දුඹුරු සීනි රුපියල් පහකින් අඩුකර තිබෙනවා.

එසේම රුපියල් 600ක්ව පැවති සෝයාමීට් කිලෝග්‍රෑමයක මිල පහත දමා ඇත්තේ රුපියල් පහකින්.

දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලයෙන් එම භාණ්ඩ මිලදී ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.

Post a Comment

Previous Post Next Post