
අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කරන්නේ නම් පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් හෙළි කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු අද (මාර්තු 22) මාධ්‍යයට අදහස් පළ කරමින් මේ බව සඳහන් කළේ ය.
හිටපු ජනපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළි කරන තොරතුරු විනිශ්චයකාරවරුන් රහසිගතව තබා ගත යුතු බව ය.
$ads={2}
“පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙස ම මේක කළේ කවුද කියලා තව ම කිසි කෙනෙකු කියලා නැහැ. හැබැයි එක මං දන්නවා කවුද කළේ කියලා. මට අධිකරණයේ යම් කිසි ඉල්ලීමක් කළොත් නැත්නම් මට නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න මම ලෑස්තියි. කවුද මේ පාස්කු ප්‍රහාරය කළේ කියන එක. අනිත් කාරණය තමා එය ප්‍රධාන වශයෙන් ම ඉතා රහසිගතව තබා ගැනීම ඒ විනිශ්චයකාර තුමන්ලාගේත් වගකීමක් වෙනවා.”
Tags:
News