
පසුගිය දින කිහිපයේ ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරාගේ සංවේදී ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ දැකගත හැකිවුණා.
මෙම ඡායාරූපයත් සමඟ ප්‍රියංකර පෙරේරා ගැන විවිධ කටකතා සමාජ මාධ්‍ය ඔස්සෙ පැතිර යන්නටත් වූවා.
පසුගිය දිනෙක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රියංකර කියා තිබුණේ මේ පැතිර යන බොහෝ කතාන්දර සාවද්‍ය බවයි.
'කවුරු හරි ඒ ඡායාරූපය අරන් ශෙයා කරලා තිබුණා. අමරිකාවේ ඉඳන් ආපු මගේ යාලුවෙක් තමයි එක මුලින්ම අරගත්තෙ. මට නම් ඒක ගාණක් නෑ ඉතින්. හැබැයි කට්ටිය බොරු දාලා තිබ්බා ගොඩක්. පුතයි නෝනයි දෙන්නම මගේ ළඟ ඉන්නෙ. මිනිස්සුන්ට ඉතින් මොනාද කියන්න බැරි. මට කිසි අවශ්‍යතාවයක් නෑ...'
'මිනිස්සු හිතයි මම මේ ආධාර උපකාර බලාපොරොත්තුවෙන් මේ දේ කරලා කියලා. මම කිසි දෙයක් කාගෙන්වත් ඉල්ලන් නෑ. මම කලිනුත් අසනීප වුණානේ. වකුගඩු බයිපාස් එකක් කළා. ඒ වෙලාවෙත් මම ආධාර ඉල්ලුවේ නෑනේ ඉතින්... මට මගේ පවුල, දිල්හානි හැමෝම මාත් එක්ක ඉන්නවා!'
Tags:
News