ලංකාවේ නමත් ගෑවුණු බිහිසුණු අනතුරේ නොදුටු දසුන් මෙන්න... - Photos


ඇමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව නැවේ විදුලිබලය අහිමිවීම නිසා සිදු වූවක් බවට හෙළිව තිබෙනවා.

මීටර් 289 ක දිගින් යුත් ටොන් 95128 බර ඩාලි නෞකාව බැල්ටිමෝ වරායේ සිට බහාලුම් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණා.

දින 27 ක කාලයක් තුළ එහි චාරිකාව සැළසුම් කර තිබූ අතර ගමන් ආරම්භ කර ටික වේලාවක් යන විට එහි එංජින් අක්‍රිය වී විදුලිබලය ද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
$ads={2}
එහි කපිතාන්වරයා ආරක්ෂක අංශ වෙත මේ පිළිබද දැනුවත් කර තිබුණ ද නිදහසේ පාවෙමින් තිබූ නෞකාව බැල්ටිමෝ පාලමේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පාලමට දැඩි අලාභහානි සිදු වූ අතර ඒ මත ගමන් කර තිබූ වාහන රැසක් ද ජලයට වැටී තිබුණා.

මේ වන විට සිදු වීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Post a Comment

Previous Post Next Post