ඩීසල්වලට වතුර කලවම් වූ ඉන්ධන පිරවුම්හල



බලන්ගොඩ සමුපකාර සමිතියට අයත් බලංගොඩ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලක ඩීසල් වලට ජලය මිශ්‍ර වී ඇති බව අයි.ඕ.සී. සමාගමේ නිලධාරීන් විසින් සිදුකළ ඉන්ධන පරීක්ෂාවකදී අනාවරණය වී තිබේ.

ඊ‌යේ (13) පස්වරුවේ එම ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ ඩීසල් හේතුවෙන් වාහන ධාවනය කිරීමේදී වාහන කිහිපයක් අතරමග නතර වී ඇත.

එම වාහන හිමියන් මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
$ads={2}
අනතුරුව එම ඉන්ධන පිරවුම්හල අයත් බලන්ගොඩ සමූපකාර සමිතියේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අයි.ඕ.සී. සමාගමේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

එම නිලධාරීන් පැමිණි අදාළ ඉන්ධන පිරවුම්හලේ ඇති ඩීසල් තොග සහ අතරමග නතර වූ වාහනවල ඩීසල් පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී එම ඩීසල් වලට ජලය මිශ්‍ර වි ඇති බවට එම පරික්ෂණ වලින් තහවුරු වෙන බව පරික්ෂණ කණ්ඩායම පැවැසුහ.

Post a Comment

Previous Post Next Post