දැරිය ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී - VIDEO


කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි ප්‍රධාන සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුල ලැගුම් ගෙන සිටියදී පොලීස කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව කළුතර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා අද (9) උදෑසන පැවසීය.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි විවාහක සැකකාර පුද්ගලයෙකි.
$ads={2}
සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ දී වැටලීම කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සැකකරුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Post a Comment

Previous Post Next Post