සුළි කුණාටුව ලගම එනවා.. කාලගුණයෙන් උපදෙස්…

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කළාපය අද දින (09) පීඩන අවපාතයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතී.

උතුරු අක්ෂාංශ 02 – 15 ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
$ads={2}
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බටහිර හෝ නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-55) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:
කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

– කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Post a Comment

Previous Post Next Post