
බොරැල්ල සුසාන භූමිය තුලදී අභිරහස් ලෙස මරණයට පත්වී තිබූ ප‍්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ක‍්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ DNA වාර්තා කැඳවීමට අධිකරණය විසින් නියෝග කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රජය රස පරීක්ෂකවරයාට ඊයේ දිනයේ මෙම නියෝගය නිකුත් කර තිබේ.
$ads={2}
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ මෙම සිද්ධියට අදාළව නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට අධිකරණය විසින් පත්කර ඇති පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ ඉල්ලීමක් මතයි.
ෂාෆ්ටර් මහතා මිය යන අවස්ථාවේ ඔහු අසල තිබූ වතුර බෝතලය, ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ ආගන්තුක ජෛව සාම්පල දෙකක් ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා සිදු කරන ලද වාර්තාවක් මත මෙම ඉල්ලීම කර ඇත.
මෙම ආගන්තුක ජෛව සාම්පල බොරැල්ල කනත්තේ සේවකයන් දෙදෙනා හා ඇතුළු පුද්ගලයන් හතරදෙනකුගේ ඩීඑන්ඒ සැසදුවද ඒවා සැසඳෙන්නේ නැති බවද රස පරීක්‍ෂකවරයා කරුණු වාර්තා කර තිබින.
Tags:
News