අපේ රටටත් භූචලන අවදානමක්?


මෙරට තුළ භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක්ද මේ වනවිට මතුව ඇති අතර මෙරට ආශ්‍රිත භූ චලන 9ක් මේ වනවිට වාර්තාවී ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ.අජිත්ප්‍රේම මහතා පැවසුවා.

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුවී ඇති බවද. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා.
$ads={2}
මේ වසරේ සිදුවූ භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේදී සිදුව ඇති බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළා.

කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කර සිටියා.

ඊට අමතරව ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වයන් ජනතාවට දැනුම්දීම සඳහා නවීන තාක්‍ෂණික සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානය පැවැසුවා.

Post a Comment

Previous Post Next Post