ලංකාවේ රිලවුන් ඕනෑ.. හේතුව මේකයි..- චීන සමාගමෙන් නිවේදනයක්..



රී ලංකාවේ රිලවුන් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ චීනයේ ඇති තම සමාගමට අයත් පෞද්ගලික සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා පමණක් යැයි චීනයේ ‘ෂීජියෑන් වූයූ ඇනිමල් බි්‍රඩින්’ සමාගම සඳහන් කරයි.

සමාගම විසින් කෘෂිකර්ම අමාත්‍යංශයට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ චීනයේ සත්වෝද්‍යාන රැසක් පවත්වාගෙන යන තම සමාගම කීර්තිමත් සමාගමක් බවයි.
$ads={2}
ශ්‍රී ලංකාවේ සිටින විශාල රිලා ගහනයෙව් යම් ප්‍රමාණයක් ලබාදෙන්නේ නම් එම රිලවුන් තම සත්වෝද්‍යානවල ප්‍රදර්ශණයට තැබිය හැකි බවත් ඔවුන් කියා සිටියි.

ඊට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා දෙන්නේ නම් රිලව් චීනයට ගෙන යාම සඳහා චීන රජයේ අනුමැතිය ලබාගැනීමට ආයදුම් කරන බව ද එම සමාගම පවසයි.

දැනටමත් තම සමාගම විවිධ රටවලින් වනජීවීන් ලබාගෙන සත්වෝද්‍යානවල ප්‍රදර්ශනයට තබා ඇති බවද ලිපිය මගින් පෙන්වා දෙයි.

Post a Comment

Previous Post Next Post